ගල්ෆ්

අද බොහෝ ප්‍රදේශ වලට වැසි

(UTV |කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ උතුරු මැද පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතේත්   මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්, ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි අතර දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොටදිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (40-50) පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

Related posts

උතුරු කොරියාවෙන්, ඉරානයට න්‍යෂ්ටික අවි….?

Editor O

ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Editor O

ඉරානය අයන් ඩෝම් මගරින නවතම මිසයිලයකින් පහර දෙයි.. එහි පින්තූර තහනම්.. පලස්තීන අහස පාලනය තම මිසයිලවල බව කියයි…

Editor O

Leave a Comment