ක්‍රීඩා

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස් මිය යයි

(UTV |ඉන්දියාව ) – හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී තිබේ.

‌මියයන විට ඔහු 59 හැවිරිදී වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‌ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් රැස් කිරීමට සමත්ව තිබුණි.

‌ඩීන් ජෝන්ස් මියයන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‌ඩීන් ජෝන්ස් එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

Related posts

කුමාර් ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් කටුනායක ගුවන්තොටුපොළට

Mohamed Dilsad

LPL-2020 තරඟාවලිය COVID19 කාර්ය සාධක බලකායේ අවසරය

Mohamed Dilsad

Leave a Comment