දේශීයව්‍යාපාරික

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්

(UTV | කොළඹ) – වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වෙළඳපොලේ සහල් කිලෝ ග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 100 මට්ටම ඉක්මවා ගොස් ඇත.

ඇතැම් වෙළඳුන්, රජය මගින් ගැසට් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන බවට ලද තොරතුරු අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම තීරණය ගෙන ඇත.

සම්බා සහ කීරි සම්බා සහල්, උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන බවට වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් එම අධිකාරිය වෙත ලැබී තිබෙන බවද සඳහන්.

ඉදිරියේදී ද කෘතිම සහල් හිඟයක් ඇති කර මිල ඉහළ දැමීමට ඇතැමුන් ගන්නා උත්සාහයට ඉඩ ලබා නොදෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Related posts

තවත් නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

නව කැබිනට් අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment