දේශීය

මෛත්‍රීට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරෙන සාක්ෂි ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලාට කොමිසම දැඩිලෙස අවවාද කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ජනාධිපති කොමිසම හමුවේ කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත්ව සිටින්නට ඇතැයි පසුගියදා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර , ඊට අදාළව මෙලෙස උන්වහන්සේලා අද ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

 

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 කටම අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර විවෘත කෙරේ

Mohamed Dilsad

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

Mohamed Dilsad

Leave a Comment