දේශීය

පොලිස් වෙඩි පහරින් ‘රත්මලානේ රොහා’ මරුට

(UTV |කොළඹ) – ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්‍ෂයට පත්වෙයි.

ඊයේ (23) රාත්‍රියේ මෙම පුද්ගලයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් යොදාගෙන ඉන්දියාවට පළායාමට උත්සහ දරා තිබේ.

මෙහිදී සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

මෙම සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන ඇති බව සඳහන් වේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ලංවීම සේවක නිවාඩු අවලංගු කරයි – ලංවීම සාමාන්‍යාධිකාරී

Editor O

අද තවත් කොරෝනා රෝගීන් 102ක්

Mohamed Dilsad

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

Editor O

Leave a Comment