දේශීය

මිලියන 13 ක මුදලක් හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට

(UTV |කොළඹ) – දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් සංවිධානයකට කටාර් හි නීතිවිරෝධී සංවිධානයකින් ත්‍රස්ත කටයුතු සඳහා රුපියල් මිලියන 13 ක මුදලක් ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බව සඳහන් කළේය.

අදාළ මුදල පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ බැංකු ගිණුම් වෙත ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ඒ අනුව එම මුදල් මෙරට කිසියම් ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා යෙදවූයේද යන්න පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නොතීසි

Mohamed Dilsad

ගංජා වගාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රී සහ පොලිස් නිලධාරීයෙක් අතර ඇතිවූ සිද්ධිය සමථ මණ්ඩලය ට

Editor O

පිටි මිල යළිත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment