ව්‍යාපාරික

කහ හිඟය හේතුවෙන් බේකරි හිමියන් දැඩි අර්බුදයක

(UTV | කොළඹ) –  මේ වන විට පවතින කහ හිඟය හේතුවෙන් බේකරි හිමියන් තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකරගැනීමේදී දැඩි අසීරුතාවයට පත්ව ඇත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ වෙළදපොලේ පවතින කහ හිඟය සහ අධික මිල හේතුවෙන් බේකරි නිෂ්පාදන සිදු කිරීම ගැටළුවක් වී ඇති බවයි.

කෙසේවෙතත් කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කළේ ලබන වසරේ මුල් මාස කිහිපය වනවිට පවතින කහ ගැටළුව යම් තාක් දුරකට හෝ විසදෙනු ඇති බවයි.

කහ පිටරටින් ගෙන්වීම තහනම් කිරීමත් සමග නීතිවිරෝධී අයුරින් ගෙන් වූ කහ කිලෝ දහස් ගණනක් ඉකුත් දිනවල පාරිභෝගිත අධිකාරිය විසින් ද අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා රැසක වැඩ අරඹයි

Mohamed Dilsad

මේවසරේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

Mohamed Dilsad

Benz පවුලේ අලුත්ම සාමාජිකයා ළඟදීම

Mohamed Dilsad

Leave a Comment