දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක්

(UTV | කොළඹ) – එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් රුපියල් මිලියන 340 ක ගාස්තුවක් ලංකා රජයට ගෙවිය යුතු බවට නීතිපතිවරයා කළ දැනුම්දීම සම්බන්ධයෙන් එම නෞකාවට අදාළ පාර්ශවයන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අද (21) නීතිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බව එහි සභාපතිනි නීතිඥදර්ශණි ලහදපුර කියා සිටියි.

පසුගිය 03 වනදා මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ හටගත් ගින්න නිවා දැමීමේ වියදම ලෙස රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් අදාළ නැව් සමාගම වෙත යොමුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

Related posts

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්

Editor O

පාසල් ඇරඹීමට අදාළ තීරණය අද පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment