දේශීය

ඇමරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි

(UTV | ඇමරිකාව) –  ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාළය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි තිබෙන ඇත.

මොවුන් ඇමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැදී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස PCR පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව , ඔවුන් මේ වනවිට නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.

නීරෝධායන වීමෙන් දින 21 කට පසුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

 

Related posts

ඉදිරි මාසය තුළ ජනතාවට කිසිඳු උත්සවයක් සඳහා අවසර නැහැ

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිල නිවස බාර දීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

LRT – ජපන් සැහැල්ලු දුම්රිය යළි කොළඹට

Mohamed Dilsad

Leave a Comment