දේශීය

සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීතිවිරෝධී ලෙස කහ කිලෝ 33,000 ක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව ඊයේ (18) දිනයේදී පුද්ගලයින් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මීට අමතරව කහ තොගය සහිත කන්ටේනර් තුනක් සහ ලොරි හතක්ද කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදී පොලිස් භාරයට ගෙන තිබූ අතර, වීදුරු ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා විය.

 

Related posts

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ

Mohamed Dilsad

Leave a Comment