දේශීය

සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීතිවිරෝධී ලෙස කහ කිලෝ 33,000 ක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව ඊයේ (18) දිනයේදී පුද්ගලයින් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මීට අමතරව කහ තොගය සහිත කන්ටේනර් තුනක් සහ ලොරි හතක්ද කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදී පොලිස් භාරයට ගෙන තිබූ අතර, වීදුරු ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා විය.

 

Related posts

සමාජ මාධ්‍ය සටහනකට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් රිමාන්ඩ් කළ තරුණයා නිදොස් කර නිදහස් කරයි.

Editor O

අද සිට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

Mohamed Dilsad

රට පුරා ඩෙංගු අවධානම ඉහළ ට…!

Editor O

Leave a Comment