දේශීය

දිස්ත්‍රික්ක 04 කට නායයාමේ අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – දිස්ත්‍රික් 04 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුර ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව කළුතර , කෑගල්ල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් සඳහා අද පස්වරු 05. 30 තෙක් එය බලාත්මක වනු ඇත.

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින්, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (19) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බව අදාළ නිවේදනයෙහි සඳහන්.

උතුරු , උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

Mohamed Dilsad

පහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළුවකින් විභාග දෙපාර්තමේන්තුව රත්වෙයි. විභාග කොමසාරිස්ට තනතුරෙන් ඉල්ලා අස්වෙන්නැයි මව්පියන්ගෙන් බලපෑම්

Editor O

දරුවන් දෙදෙනාව ඝාතනය කළ පියා සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

Leave a Comment