දේශීය

විදෙස් රටවලින් උපාධිගත් පුද්ගලයන්ට ජනපතිගෙන් තීන්දුවක්

(UTV | කොළඹ) – විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100 ක් පමණ ලැබී ඇති බවත් , ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ද ලබාදී ඇත.

ඒ අනුව, ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ පවත්වා ඔවුන් දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, පරිගණක තාක්ෂණය වැනි විෂයන් ඉගැන්වීම හා අනෙකුත් කුසලතා පවතින රැකියා සඳහා බඳවා ගන්නා බව ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේය.

ඒ හරහා විදේශ අධ්‍යාපනය ලැබූවන්ගෙන් මෙරටට සේවයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

නව වසරේ, විදුලි ගාස්තුව සියයට 11.57%කින් වැඩි කිරීමේ සූදානමක් | හයදාහේ බිල හාරදාහ කරනවා කියපු කතාව පචයක් !

Editor O

ලංකා සතොස, භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Editor O

මසුන් අලෙවි කරගත නොහැකි වුවහොත් ධීවර සංස්ථාවෙන් විසඳුමක්

Mohamed Dilsad

Leave a Comment