දේශීය

මංතීරු නීතිය කඩ කළොත් දඩය 2000ක්

(UTV |කොළඹ) – කොළඹ නගරයේ මංතීරු නීතිය එළැඹෙන සඳුදා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය දැනුම් දෙයි.

මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කෙරෙන අතර එම නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව රුපියල් 2000ක දඩයක් අයකෙරෙන බව පොලීසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අද (17) සහ හෙට (18) දෙදිනත් මංතීරු නීතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකය.

අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වේ.

පොලීසිය පැවසුවේ තනි ඉර කපා වාහන ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා වාහන හැරවීම ඇතුළු මංතීරු නීතියට අයත් වැරදි 14 කට එරෙහිව රුපියල් 2000 ක දඩයක් ලබන සඳුදා සිට පැනවේ.

සෑම සතියේ දිනකම පෙරවරු 6 සිට 9 දක්වාත්, පස්වරු 4 සිට 7 දක්වාත් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ.

Related posts

ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය, රාජපක්ෂලාට තියෙනවානම් වහාම ශ්‍රී ලංකා රජයට පවරා ගන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

ජූලි මස සිට බස් රථ සඳහා පෙරගෙවුම් කාර්ඩ්පතක්

Mohamed Dilsad

Leave a Comment