දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පරිසරයට වූ හානිය ගණනය කිරීම ඇරඹේ

(UTV | කොළඹ) –  New Diamond නෞකාව අනතුරින් සමුද්‍රීය පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් ගණනය කිරීම් ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පාරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ ඉන් එම සමුද්‍රීය පරිසරයේ මසුන්ට දැඩි බලපෑමක් සිදුව ඇති බවයි.

තෙල් නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ රුපියල් මිලියන 340 ක මුදල හානි පූර්ණය කරන්නැයි නීතිපතිවරයා නෞකාව අයත් සමාගමේ නීතිඥවරුන්ගෙන් ලිඛිත හිමිකම් ඉල්ලීමක් කළේය.

ඒ පිළිබඳ තවත් අතරමැදි වාර්තාවක් ඉදිරියේදී නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට තද වැසි

Mohamed Dilsad

කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment