ගොසිප්

“කංසා” භාවිතා කිරීමට දේශීය වෛද්‍යවරුන්ට අවසර හිමිවන ලකුණු

(UTV | කොළඹ) – කංසා වගාව නිතීගත කළහොත්, ආර්ථික වාසි ලබාගත හැකි බව දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් කරුණාරත්න මහතා පවසා සිටියි.

ඒ් මහතා මේ බව කියා සිටියේ දේශීය වෛද්‍ය එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් කරුණාරත්න මහතා ,

“කංසාවලට අයුර්වේදයෙන් දී ඇති නම වන්නේ “ත්‍රෛයිලෝක විජයා”.ඒ කියන්නේ තුන් ලෝකයම ජය ගන්නවා කියන නම තියෙනවා. කංසා අවභාවිතය නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ, කංසා අපිට භාවිත කළ හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. කංසා අවභාවිතයේ දී දුමක් ලෙස භාවිත කරනවා. කංසා අභ්‍යන්තරව ගැනීම අවභාවිතයක් නෙමෙයි”.

“එය භාවිත කළ විට දීර්ඝ කාලයක් ශරීරය තුළ තියෙනවා. මාසයක් ගිය පසු මුත්‍රාවල කංසා රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි පරීක්ෂණයක් කළහොත් එය ඇති බවට ඔප්පු වෙනවා. මෙය මත්ද්‍රව්‍යයක් කියලා බෙදලා නැහැ, කොහේවත් ලියවිලා නැහැ. ඖෂධීය මාත්‍රාවෙන් ගත් විට කංසා ඉතා ඉහළ ගණයේ ඖෂධයක්.”

“1964 අංක 13 දරණ පණතේ සංශෝධනය අනුව මෙහි භාවිතය සීමා කරලා තියනවා. සීමා කරලා තිබුණත් අපිට යොදන්න පුළුවන් අවස්ථාවක් එයින් ලබා දීලා තියෙනවා,”

Related posts

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

ගලෙන්බිඳුණුවැව වගාළිඳක කිඹුලන් දොළහක්

Mohamed Dilsad

ජනපති සහ අගමැති අතර ගැටුම් ඇති කරන බවට හිටපු ජනපතිට චෝදනා

Mohamed Dilsad

Leave a Comment