දේශීය

මත්කුඩු ව්‍යාපාරයෙන් ඉපයූ මුදල් සහ දේපල රාජසන්තක කෙරේ

(UTV |කොළඹ ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් සහ සියලු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේය.

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග නොහොත් ‘ලඩියා’ යන අය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් සුඛෝපභෝගී බස් රථ දෙකක් සහ ලේලන්ඩ් බස්රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතුරුගිරිය පොලිසිය මඟිනි.

මෙම බස්රථ සමඟ සැකකරුවන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසයි.

 

Related posts

නිරෝධායනයට ලක් වු අය වෙත හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment