ගොසිප්

එජාප නියෝජ්‍ය නායකකම ඥාතියෙකුට යයිද?

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු අද (14) දින ප්‍රකාශ කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තාවේ.

ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනාකෙනෙකු වන රුවන් විජයවර්ධන මහතා නම් කිරීමට ඒ මහතා සැලසුම් කර ඇති බව දෙෂ්පාලන් ආරංචි මාර්ග පවසයි.

රුවන් විජයවර්ධන මහතාට පක්ෂය අභ්‍යන්තරයෙන් මේ වනවිට බරපතළ විරෝධයක් මතුවෙමින් පවති.

මේ නිසා වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට රුවන් විජයවර්ධන මහතා නම් කළහොත් ඊට එරෙහිව විරෝධය පළ කිරීමටත්, තවත් කිහිප දෙනකුම නියෝජ්‍ය නායක තනතුර සදහා තරග වැදීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති මෙම පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නියෝජ්‍ය නායක තනතුර සදහා ජන්දයක් ඉල්ලා සිටීමටද නියමිතය.

වික්‍රමසිංහ මහතා දෙසැම්බර් 31 වන දින තෙක් පක්ෂ නායකත්වයේ සිටින අතර 2021 ජනවාරි පළමුවැනි දින සිට පක්ෂ නායකත්වයට පත්වන්නේ අද පත්වන නියෝජ්‍ය නායකවරයාය.

Related posts

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

Mohamed Dilsad

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

Mohamed Dilsad

ඇමති අර්ජුනට ඉන්දියාවෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment