ගොසිප්

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැම්මේ නාවික හමුදාව නොවේ

(UTV |කොළඹ) – ඉන්ධන නෞකාවේ ගින්න නිවා දැමුවේ ශ්‍රී ලංකාවෙන් නොවේ සිංගප්පුරුවෙන් පැමිණි සමාගමක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ  නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න සම්පුර්ණයෙන් නිවා දැමුවේ සිංගප්පුරුවෙන් පැමිණි 3 වන පාර්ශවයේ ගැලවුම්කාර සමාගමක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සඳහා සහය දුන් බව සාමාන්‍යධිකාරීවරයා පෙන්වා දෙයි.

මෙම අවසරය ලබා දී ඇත්තේ අදාල නෞකාවේ කළමණාකරණය සිදුකරන ග්‍රීසියේ සමාගමක් විසින් සිංගප්පුරුවේ 3 වන පාර්ශවයේ ගැලවුම්කාර සමාගමක් වෙතය.

ඒ අනුව මෙරට වෙළඳ නැව් දෙපාර්තමේන්තුව විසින් අදාල සමාගමට නැව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සඳහා අවසර ලබා දී ඇත.

මෙම නිව් ඩයමන්ඩ් නෞකාව පැනමා රටේ ලියාපදිංචි වී තිබුණද එම නැවෙහි අයිතිය ඇත්තේ නයිජීරියාවටය.

නමුත් එහි කළමනාකරණ කටයුතු සිදුකරනු ලබන්නේ ග්‍රීසියේ සමාගමක් විසිනි.

මෙහිදී මෙරට නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව වැයකළ දායකත්වය වෙනුවෙන් වූ හානි පුර්ණ වියදම් අදාල නෞකා සමාගම විසින් නොගෙවුව හොත් ඒ සඳහා කළ හැකි දෙයක් නොමැති බවත්, කළ හැක්කේ එංගලන්තයේ පිහිටි අධිකරණයක් තුළ නඩුවක් ගොනු කිරීම පමණක් බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

එහෙත් මෙම නෞකාවේ ගින්න පාලනය කිරීමට මෙරට නාවික හා ගුවන් හමුදාව විසින් රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා ස්ව්රෝ ප්‍රෝටීන් නම් රසායනික ද්‍රව්‍ය යොදවන ලදී.

Related posts

මෛත්‍රී, බුදුන් නමැද කුරුසියේ අත ගසා කියන බවට කියූ දේ..

Mohamed Dilsad

රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

Mohamed Dilsad

වත්තලින් කොරෝනා ආසාදිතයින් 18ක් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment