දේශීය

නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබා ගනී

(UTV |අම්පාර) – ගිනි ගැනීමට ලක්වු  ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද (14) සිදුකිරීමට නියමිතය.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය වෙත ගොස් තිබේ.

ගිනි ගැනීමට ලක්වූ “නිව් ඩයමන්ඩ්”නෞකාව මේ වන විට සංගමන්කන්දට නැගෙනහිරින් මුහුදු සැතපුම් 52කට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබේ.

කිමිඳුම්කරුවන් යොදාගනිමින් නෞකාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු සිදුකරන බව  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර නීතිපතිවරයා සහ නෞකාවේ ගිනි ගැනීමේ කටයුතු පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලු ආයතනවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

 

Related posts

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් රැසකට අද තද වැසි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

Mohamed Dilsad

Leave a Comment