දේශීය

නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබා ගනී

(UTV |අම්පාර) – ගිනි ගැනීමට ලක්වු  ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද (14) සිදුකිරීමට නියමිතය.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය වෙත ගොස් තිබේ.

ගිනි ගැනීමට ලක්වූ “නිව් ඩයමන්ඩ්”නෞකාව මේ වන විට සංගමන්කන්දට නැගෙනහිරින් මුහුදු සැතපුම් 52කට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබේ.

කිමිඳුම්කරුවන් යොදාගනිමින් නෞකාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු සිදුකරන බව  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර නීතිපතිවරයා සහ නෞකාවේ ගිනි ගැනීමේ කටයුතු පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලු ආයතනවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

 

Related posts

අද තවත් ආසාදිතයින් 255ක්

Mohamed Dilsad

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

අන්තර්ජාලයේ ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment