දේශීය

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 ක් හඳුනා ගැනේ

(UTV | කොවිඩ් 19) –  ඊයේ (13) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,234 ක් දක්වා ඉහළ ගියහ.

මේ අතරින් 16 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 12 දෙනෙකුද ඇතුළත් වෙයි.

එමෙන්ම කුවේටයේ සිට පැමිණි හයදෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු, තායිලන්තයේ සිට පැමිණි යුක්රේන ජාතිකයෙකුද ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

ඊට අමතරව ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සහ රතු මුහුද ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුද ආසාදිතයන් ලෙස තහවුරු කරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය 1 වනදා මෙරටින් කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තාවී දින 13 කින් අනතුරුව හඳුනාගනු ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඊයේ දිනය තුළයි.

Related posts

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 07 වෙනිදා රැස්වෙයි

Editor O

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment