දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය නැහැ

(UTV |කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මෙම කාලය තුළ කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

ඉස්සර මගේ සාක්කුවට ආපු තෙල් සල්ලි දැන් යන්නේ අනුර කුමාරගේ සාක්කුවට ද? – හිටපු ඇමති කංචන විජේසේකර

Editor O

මෙරට PCR පරීක්ෂණ 46,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment