දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට (12) කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට පස්වරු 10.00 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12 ක කාලයක් කොළඹ 10, 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

 

Related posts

හරිනිගේ දැනුම්දීමෙන්, හයේ පොතේ සිද්ධියට, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තනතුරෙන් ඉවත්වෙයි.

Editor O

සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම්

Mohamed Dilsad

එජාප සහ සජබ අතර සාකච්ඡාවක්

Editor O

Leave a Comment