දේශීය

ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ඉහළට

(UTV | පුත්තලම) – පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වරින් වර පැයට කිලෝමිටර් 60-70 දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම , මාතර සිට හම්බන්තොට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද වරින් වර පැයට කිලෝමීටර් 60-65 දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු පදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3 යි දසම 0 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ සඳහන්.

සුළඟේ වේගයත් සමග මුහුදු ප්‍රදේශ වරින් වර රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගල්අඟුරු නැවක් අද දිවයිනට

Mohamed Dilsad

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

Editor O

ජ්‍යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයට

Editor O

Leave a Comment