ප්‍රමුඛ පුවත 1

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් පීඩාවට

(උදයම්,කොළඹ)  –  පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රදේශ රැසක ජනතාවට මේ වන විට ජලය බෙදා දීමේ කටයුතු සිදුකරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ජල බවුසර් 150කට ආසන්න ප්‍රමාණයක් ජනතාවට ජලය බෙදාදීමේ කටයුතු සඳහා ලබාදී ඇති බව ඔහු පැවසීය.
ජල අවශ්‍යතාවන් පිළිබඳ ජනතාවට දැනුම්දීම සඳහා 117 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

Related posts

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

Mohamed Dilsad

නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයි

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළට…

Mohamed Dilsad

Leave a Comment