දේශීය

පවතින කාළගුණය හමුවේ ධීවර ජනතාවට දැනුම් දීමක්

(UTV | කොළඹ) –  බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත්, සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තද සුළං ඇතිවන ප්‍රදේශවල ධීවර කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසද ධීවරයන්ට දැනුම් දෙයි.

 

 

Related posts

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්වයක් ගත්තේ මම නෙවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වී. රාධාක්‍රිෂ්ණන්

Editor O

විශ්‍රාම වැටුප් ලබාදීම අදත් සිදු කෙරේ

Mohamed Dilsad

Leave a Comment