විදෙස්

ඇෆ්ගනිස්ථානය සහ තලෙයිබාන්වරුන් අතර සිරකරුවන් හුවමාරුවක්

(UTV | ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය සහ තලෙයිබාන් සංවිධානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇෆ්ගනිස්ථාන රජය සහ තලෙයිබාන් සටන්කාමීන් අතර සාම ගිවිසුමකට එළඹීමට අදාළ මූලික සැකසුම් ද මේ වනවිට සකස් කර ඇත.

ඒ යටතේ හමුදා බාරයේ සිටින තලෙයිබාන් සටන්කාමීන් 200 දෙනෙකු නිදහස් කිරීමට ඇෆ්ගනිස්ථාන රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවට සිය භාරයේ සිටින කමාන්ඩෝ භටයින් 04 දෙනෙකු හුවමාරු කර ගැනීමටයි තලෙයිබාන් සටන්කාමීන් තීරණය කර ඇත්තේ.

ඊට අදාළව මූලික සාකච්ජා කිහිපයක් ඉදිරියේදී කටාර්හිදී පැවැත්වීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

සැප්තැම්බර් 11 අල්ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 18යි

Mohamed Dilsad

නේපාල පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment