දේශීය

රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ජනපති උපදෙස්

(UTV |කොළඹ) – ඉදිරි සිව් වසර තුළ රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකත්වය ලබාදීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය බවය.

අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සමග එක්ව රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙනයාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

A,B,C,D ලෙස වර්ගකර ඇති දිවයිනේ සියලු මාර්ග ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද මෙම සාකච්ඡාවට එක්වු ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා අපේක්ෂා කරන සහය ලබාදෙමින් රට සංවර්ධනයට උපරිමයෙන් කැපවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් එහිදි සහතික වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

Related posts

ජනපති ගෝඨාභයත් අද සිට සටනේ

Mohamed Dilsad

රන්ජන් ඇමෙරිකාවට යයි

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment