දේශීය

කහ කුඩු ජාවාරම් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම්

(UTV |කොළඹ) – නීති විරෝධී ලෙස කහ ජාවාරම් සොයා දිවයින පුරා සිදුකරනු ලබන වැටලීම් වැඩි කරයි.

පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ කහ අලෙවිය සම්බන්ධ වැරදි හේතුවෙන් වෙළෙඳුන් 113 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි.

කහ කුඩු කිලෝවක් සඳහා රුපියල් 750ක පාලන මිලක් පනවා තිබිය දී එම මිල ඉක්මවා යමින් කහ අලෙවි කළ වෙළෙඳුන්ට මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඊට අමතරව කල්ඉකුත් වු කහ අලෙවි කළ වෙළෙඳුන්ට ද එරෙහිව ද නඩු පවරා තිබේ.

දිවයින පුරාම කහවලට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර තත්ත්වය බාල කර ඇතැයිද පැමිණිලි ලැබී ඇති අතර මේ වන විට විවිධ ප්‍රදේශවලින් කහ කුඩු සාම්පල 42ක් පමණ එකතු කර  ඒ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.

 

Related posts

කොවිඩ් වැළදුණු පොලිස් නිලධාරීන් 1000 පන්නයි

Mohamed Dilsad

කොළඹ වාහන තදබදයට ‘Park and Drive’ ක්‍රමවේදය නුදුරේදීම

Mohamed Dilsad

ජෝර්දානයේ සිට පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment