විදෙස්

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

(UTV |අප්‍රිකාව) – කොවිඩ් ව්සන්ගතයත් සමඟ පාසල් වසා දැමීමෙන් ලොවපුරා ළමුන් බිලියන 1.5 ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව “යුනිසෙෆ් සංවිධානය“ පවසයි.

විදෙස් වාර්තා පවසන්නේ යුනිසෙෆ් සංවිධානයයේ විධායක අධ්‍යක්ෂ හෙන්රියාටා ෆෝර් මේ බව පවසා ඇති බවයි.

කොවිඩ් හේතුවෙන් දුරස්ථ අධ්‍යාපන පහසුකම් නොමැතිව ළමුන් මිලියන 463ක් පමණ අසීරුතාවයකට මුහුණ පා සිටී.

ඉන්අ වැඩි බලපෑමක් එල්ල දී ඇත්තේ අප්‍රිකානු කලාපයේ පාසල් ළමුන් බවට අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

එසේම මේ හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ පාසල් දරුවන් මිලියන 147ක් පිඩාවට පත්ව ඇති බවද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

Related posts

Facebook,Messenger,Instagram,WhatApp බිඳ වැටෙයි

Mohamed Dilsad

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක්.

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ 2000 පනී

Mohamed Dilsad

Leave a Comment