ව්‍යාපාරික

මහ කන්නයේ දී වගා බිම් හෙක්ටයාර 45000 කට කාබනික පොහොර

(UTV | කොළඹ) – එළැඹෙන මහ කන්නයේ දී වගා බිම් හෙක්ටයාර 45,000 කට කාබනික පොහොර සැපයීමට පියවර ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කාණ්ඩ හතරක් යටතේ එය සිදු කෙරෙන බවත් , ඒ යටතේ වගා බිම් හේකටයාර 2000 කට කාබනික පොහොර පමණක් සැපයෙනු ඇති බවත්ය.

එම වගා බිම් සඳහා කිසිදු රසායනික පොහොර වර්ගයක් භාවිත නොවන බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1300 කට ද, කළුතර, මාතර හා ගම්පහ දිස්ත්‍රික්වල හෙක්ටෙයාර් 700 කට ද මේ යටතේ කාබනික පොහොර සැපයෙන අතර , ගම්පහ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2000 ක් සඳහා කාබනික පොහොර සැපයෙන්නේ 70% ප්‍රතිශතයකිනි.

 

Related posts

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

Mohamed Dilsad

අයිඑම්එෆ් අනුව, 2025 අවසන්වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 7.2ක් කළ යුතුයි තියෙන්නේ 6.1යි.

Editor O

Leave a Comment