දේශීය

පාර්ලිමේන්තු මහජන ගැලරිය අමුත්තන්ට වැසේ

(UTV |කොළඹ) –  අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබේ.

ඒ අනුව කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට යටත්ව මෙම තීරණය ගෙන ඇති අතර පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ  නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දීමට සුදානම් බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙයි.

Editor O

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

නයිජීරියානු ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment