දේශීයප්‍රමුඛ පුවත 2

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අත්හිටුවයි

(UTV |කොළඹ) – කුරුණෑගල නගරාධිපති  තුෂාර සංජීව විතාරණ මහතා  ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ලත් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව විනිසුරු මඩුල්ල අවධාරණය කරයි.

Related posts

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පොලීසි යයි

Mohamed Dilsad

වැලි වැඩි මිළට විකුණන තොටුපළ හිමියන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ

Mohamed Dilsad

Leave a Comment