දේශීයප්‍රමුඛ පුවත 2

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අත්හිටුවයි

(UTV |කොළඹ) – කුරුණෑගල නගරාධිපති  තුෂාර සංජීව විතාරණ මහතා  ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ලත් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව විනිසුරු මඩුල්ල අවධාරණය කරයි.

Related posts

කොළඹ වාහන තදබදය විසදන්න ත්‍රිවිද හමුදා සහය

Mohamed Dilsad

පැහැරගත් පිරිස මුදාගැනීමට මෙහෙයුම් ඇරඹෙයි

Mohamed Dilsad

ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment