දේශීය

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

(UTV | කොළඹ ) – මේ වන විට 2021 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික හැඳුනුම්පතක් හිමි සැම පුද්ගලෙයකුම තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් හමුවී ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා බී.සි ආකෘති පත්‍රය පිරවිය යුතු වේ.

පසුගියදා මහා මැතිවරණය හේතුවෙන් මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු කල් දැමීමට සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ලබන වසරේ පෙබරවාරි මාසයේ දී මෙම ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු සිදුකිරිමට නියමිතව තිබේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව පැවැත්වුණ හොත් එම මැතිවරණය සඳහා යොදාගනු ලබන්නේ මෙම ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ග්‍රාම නිලධාරින්වරු විසින් බී.සි ආකෘති පත්‍රය සියලුම නිවාස වෙත ලබා දීමට ද පියවර ගන්නා බව ඔවුන් සඳහන් කළේය.

Related posts

කොළඹ මාර්ගයක බස් වර්ජනයක්

Mohamed Dilsad

දුරකතන සමාගම්වලට රජයෙන් උපදෙසක්

Mohamed Dilsad

හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග විදේශිකයන් 07 ක් නාවික භාරයට

Mohamed Dilsad

Leave a Comment