දේශීය

කොරෝනාවට සොයාගත් එන්නත ලංකාවට

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය සඳහා රුසියාව විසින් අත්හදා බැලු එන්නත ශ්‍රී ලංකාව ලබාදීමට සූදානම් බව කොළඹ සිටින රුසියානු තානාපතිවරයා පවසයි.

ඊයේ(18) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී කොළඹ සිටින රුසියානු තානාපති යුරී බී මැටරී මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තීරණයක් ගන්නා බව මෙහිදී විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

රුසියාව විසින් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයට එරෙහිව එන්නද එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණිට ද එන්න කරනු ලැබීය.

නමුත් එම ඖෂධය කොරෝනා මර්ධනයට සුදුසු ඖෂධයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් නිර්දේශ කර නොමැත.

Related posts

වැඩිම පිරිසක් මිය යන රෝග තත්ත්වය මෙන්න

Editor O

රජයේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

Editor O

වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment