දේශීය

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය විදුලි උපකරණ පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ක්‍රියාවිරහිත කර තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙරවලපිටිය බලාගාරයේ සිදුවූ කාර්මික දෝෂය හේතුවෙන් පෙරේදා දිනයේ දිවයින පුරාම විදුලිය ඇණහිටි අතර , නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් පවතින්නේ අක්‍රිය තත්ත්වයේයි.

මේ හේතුවෙන් ඊයේ සිට දින හතරක් දිනකට පැය බැගින් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය  නිවේදනය කළේය.

පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන ජනපතිගේ ශෝකය

Mohamed Dilsad

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment