ප්‍රමුඛ පුවත 3විදෙස්

මාලි ජනපති සහ අගමැති හමුදා භාරයට ගනී

(UTV |මාලි රාජ්‍ය) – මාලි ජනාධිපති ඉබ්‍රාහිම් බුබකාර් කීටා එරට හමුදා සොල්දාදුවන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු ඉල්ලා අස්වී ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.

රූපවාහිනී දේශනයක දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් රජය සහ පාර්ලිමේන්තුව ද විසුරුවා හරින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ වන විට එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය භාරයට ගෙන ඇති බවයි.

තමාට බලයේ සිටීමට කිසිදු ලේ වැගිරවීමක් අවශ්‍ය නොමැති බවත් රට තුළ අස්ථාවරභාවයක් ඇති නොකිරීමේ අරමුණෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර ඇත.

Related posts

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

යුක්‍රේනයත් ලොක්ඩවුන් කරයි

Mohamed Dilsad

Leave a Comment