දේශීය

ජනපති නියමයෙන් සිංහරාජයේ මාර්ග ඉඳිකිරීම නවතී[PHOTOS]

(UTV |කොළඹ) – ලෝක උරුමයක් වන සිංහරාජා වනාන්තරය අසල සිදුවන මාර්ග සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

සිංහරාජා ලෝක උරුම අඩවිය තුළ නීතිවිරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාරිසරික හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයට (UNESCO) වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දී තිබේ.

යුනෙස්කෝවට ලිපියක් යවමින් CENS හි ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියාවසම් මහතා සඳහන් කර ඇත්තේ  සිංහරාජා ලෝක උරුම භූමිය තුළ ලංකාගම ප්‍රදේශයේ සිට දෙණියායා දක්වා මාර්ග ඉදිකිරීමේ කටයුතු සිදුවන බවයි.

මෙම ඉදිකිරීම් කටයුතු අගෝස්තු 10 වන දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවේ ඉංජිනේරු නිලධාරීන් විසින් ආරම්භ කරන ලදී.

මෙම ඉදිකිරීම් 2013 දී දියත් කරන ලද ව්‍යාපෘතියක් වන අතර එය යුනෙස්කෝව විසින් එම වසරේම නවතා දමා ඇත.

සිංහරාජා රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අද්විතීය නිවර්තන වැසි වනාන්තරයයි.

එය ජාත්‍යන්තර වැදගත්කමක් ඇති අතර යුනෙස්කෝව විසින් 1989දී විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

 

Related posts

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට රජයෙන් සහන ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දුවක්

Editor O

Leave a Comment