දේශීය

පාර්ලිමේන්තු මංගල රැස්වීමට සහභාගීවීමට පිල්ලෙයාන්ට අවසර

(UTV | මඩකළපුව) –  පිල්ලෙයාන් හට ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගීවීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබාදී ඇත.

ඔහු විසින් ඉදිපත්කළ පෙත්සමක් අද (18) මඩකළපුව මහාධිකරණ හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව, විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ.

2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

 

Related posts

විපක්ෂයට වඩා, රාජ්‍ය පාලනය පිළිබඳ සුදුසුකම් මට තියෙනවා – මාලිමාවේ ලක්මාලි හේමචන්ද්‍ර

Editor O

සජබයේ අලුත්ම සුදානම

Mohamed Dilsad

මහවැලි ගඟ පහළ නිම්නයට මහා ගංවතුරක් ; ප්‍රදේශ රැසක් යටවෙයි…

Editor O

Leave a Comment