දේශීයප්‍රමුඛ පුවත 2

මෙරට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩු වේ

(UTV | කොළඹ ) – මෙරට කෝවිඩ් -19 ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 134 දක්වා අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (18) පෙරවරුව වන විට තවත් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2755ක් දක්වා ඉහළ ගොස් ඇත.

කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටි 72 දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 7 දෙනෙකු මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන 2900කි.

Related posts

තවත් කොවිඩ්-ආසාදිතයන් 168 ක් හමුවෙයි

Mohamed Dilsad

මහරගම මාරක අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

රන්ජන් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment