දේශීය

බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් පිරිසකට ස්ථාන මාරු

(UTV | කොළඹ ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සමඟ සබඳතා පැවැත්වූ බවට වන චෝදනාව මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කොට ඇත.

අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර නිවැරදි තොරතුරු තහවුරු කර ගන්නා තුරු මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම බන්ධනාගාරයේ ජේලර්වරයෙකු මංගල උත්සවයක් සඳහා වෙලේ සුදාගෙන් විදේශීය මත්පැන් බෝතල් සියයක් පමණ ලබාගෙන ඇති බවට ද වාර්තා වේ.

Related posts

විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

අනිද්දා විශේෂ බැංකු නිවාඩුවක්

Mohamed Dilsad

COP:26 – ජනපති ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment