දේශීය

බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් පිරිසකට ස්ථාන මාරු

(UTV | කොළඹ ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සමඟ සබඳතා පැවැත්වූ බවට වන චෝදනාව මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කොට ඇත.

අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර නිවැරදි තොරතුරු තහවුරු කර ගන්නා තුරු මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම බන්ධනාගාරයේ ජේලර්වරයෙකු මංගල උත්සවයක් සඳහා වෙලේ සුදාගෙන් විදේශීය මත්පැන් බෝතල් සියයක් පමණ ලබාගෙන ඇති බවට ද වාර්තා වේ.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

කෝවිඩ්-අසාදිත මෘතදේහ වල අවසන් කටයුතු සඳහා මිල අඩු, පරිසර හිතකාමී මිනී පෙට්ටියක් හදුන්වා දෙයි

Mohamed Dilsad

දුෂ්කර දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන්නැයි, ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට…!

Editor O

Leave a Comment