දේශීයප්‍රමුඛ පුවත 3

ජාතික ලයිස්තු වලට නම් යෝජනා කිරීමට දුන් කාලය අදින් අවසන්

(UTV |කොළඹ) – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වූ දේශපාලන පක්ෂවලට ඒ සඳහා නම් යෝජනා කිරීමට තිබූ කාලය අදින් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය මේ වනවිට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ.

නමුත් එක්සත් ජාතික පක්ෂය ඊයේ(10) දිනය වනතුරුත් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් නොතිබුණි.

එසේම, අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේයය.

ඒ එහි පාර්ශවයන් ඒ සඳහා විවිධ නම් යෝජනා කිරීම හේතුවෙනි.

Related posts

පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

උසස් පෙළ ඇගයීම් කටයුතු කොටඋඩ

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment