දේශීය

කැබිනට්ටුව ගැන හරේන්ගෙන් අනාවැකි දෙකක්[VEDIO]

(UTV |කොළඹ) – ලබන 14 වනදා දිවුරුම් දීමට නියමිත කැබිනට්ටුව සම්බන්ධයෙන් තමන් අනාවැකියක් පවසන බව සමඟි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු අද(10) පැවතී මාධ්‍ය හමුවකදී පැවසුවේ ඉදිරි කැබිනට්ටුවට පත්වන්නේ අමාත්‍යවරු 26 දෙනා නම් අමාත්‍යාංශ ගැසට් කිරීමේදී එක පවුලකට ආයතන කීයක් ලැබේවිද යන්න ලබන බදාදායින් පසුව දැක බලා ගත හැකි බවයි.

මෙහිදී එක පවුලකට ලැබෙන ආයතන ගණන සියයට 50 කට වඩා වැඩි වනු ඇති බවට අනාවැකියක් පවසන බව ඔහු මෙහිදී කියා සිටියේය.

එසේම නව ආණ්ඩුවේ පළමු රාජකාරිය ව්‍යවස්ථාව වෙනස් කිරීම බවත් එය කරනුයේ කවුරුන් පාර්ලිමේන්තුවට ගෙන්වීම සඳහා බවද සියලු දෙනා දන්නා බවත් ඔහු සඳහන් කළේය.

https://www.facebook.com/mpharin.fernando/videos/306688707318218/

 

Related posts

කඩු කිණිසි අතැතිව ව්‍යාපාරිකයා ට කළ තර්ජනය -CCTV

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මකවන ලකුණු

Mohamed Dilsad

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment