දේශීය

මනෝගේ අවසාන නිගමනය අදින් අවසන්

(UTV | කොළඹ ) – සමගි ජන බලවේගය යටතේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේසන් විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ තම පක්ෂය , ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය, සන්ධාන නායකත්වය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුවෙන් ස්ථාන ලබා නොදුනහොත් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට තීරණය කර ඇති බවයි.

තම නිල ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කර සිටියේ මෙම මැතිවරණයේදී මධ්‍යම හා බස්නාහිර දෙමල ජනතාව පදිංචි ප්‍රදේශවල ජනතාව සමගි ජන බලවේගය වෙත දිනා ගැනීමට තම සන්ධානය විශාල කාර්ය භාරයක් ඉටුකල බවයි.

ඒ හේතුවෙන් තම පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධූරයක් අනිවාර්යයෙන්ම හිමි විය යුතු බව ඔහු අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත් ලබන 14 වනදාට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිළිබඳ අවසන් තීන්දුව ලබා දිය යුතු වේ.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල ගමන්කරන මගීන් දෙදෙනෙකුට සීමා කරයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 19 ක ඇදිරි නීතිය සදුදා ඉවතට

Mohamed Dilsad

Leave a Comment