දේශීය

9 වන පාර්ලිමේන්තුවේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම වේද වලට මුල් තැන

(UTV |කොළඹ) – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව 9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස්කර තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ පක්ෂ හා මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීමට කැඳවීමක් සිදු නොකරන බවත් සියලු ලියාපදිංචි කිරීම් ඔන් ලයින් ක්‍රමයට සිදු කරන බවයි.

පර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ දී ආණ්ඩු පක්ෂයේ අසුන් 150ක් පමණ වන බැවින් පාර්ලිමේන්තුවේ එක් පැත්තක අසුන් 116ක් පමණක් පවතින බැවින් අනෙකුත් අසුන් ගැන්වීම එක් කණ්ඩායමක්  ලෙස විපක්ෂයේ කොටසක පිළියෙල කිරීමට සිදුවන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එමෙන් ම සභාගර්භයේ දී මන්ත්‍රීවරු මුඛ ආවරණ පැළද සිටිය යුතු බවත් සභාව ඇමතීමේ දී අනිවාර්යෙන් ම මුඛ ආවරණ පැළදිය යුතු බවත් වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.

Related posts

ඉදිරි දිනවල තද සුළං සහ වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

වැලිසර නාවික හමුදා කඳවුරු තුල නිරෝධායන කටයුතු තවදුරටත්

Mohamed Dilsad

මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන්

Mohamed Dilsad

Leave a Comment