දේශීය

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට යළිත්

(UTV | කොළඹ ) – අද (08) සිට කොව්ඩ් – 19 තත්වය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වාගැනීම නැවතත් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඩුබායි සිට ගුවන් යානා 02 කින් අද සහ හෙට (09) දිනවලදී 600 කට ආසන්න පිරිසක් පැමිණීමට නියමිතයි.

මහ මැතිවරණ කටයුතු සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිළධාරීන් යෙදවීම හමුවේ උද්ගතවන ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙනුයි ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අද දිනය දක්වා අත්හිටුවනු ලැබුවේය.

ඉදිරි දින කිහිපයේදී මැද පෙරදිග , මාලදිවයින , ඔස්ට්‍රේලියාව වැනි රටවල සිට ලාංකිකයන් පැමිණිමට නියමිත බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

මාතලේ පුරපතිගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment