දේශීයප්‍රමුඛ පුවත 1

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

(UTV | කොළඹ ) – ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.

මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි.

සමගි ජනබල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි.

ජාතික ජන බල වේගය , ඉලංගෙයි තමිල් අරසු පක්ෂය , අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය.

ඊයේ (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිසමට භාර දුන්නේ ය.

Related posts

පස්වරුවේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Mohamed Dilsad

වී සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ : සහල් මිල යළි ප‍්‍රකාශයට සූදානම්

Editor O

ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000ක්

Mohamed Dilsad

Leave a Comment