දේශීයප්‍රමුඛ පුවත 1

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5 ට අවසන් විය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවන බවයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී පෙරවරු 7 ට ඡන්ද විමසීම ආරම්භ විය.

කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885 කි.

Related posts

සුජීව සේනසිංහ සහ අබ්දුල් වාහිද් යන මන්ත්‍රීවරු කාරක සභා කිහිපයකට පත් කරති.

Editor O

සංවර්ධන නිලධාරීනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….?

Editor O

කොරෝනා ව්‍යාප්තිය නොමැති ප්‍රදේශ නම් කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment