දේශීය

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ක් දක්වා වැඩි විය හැකිය.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර, නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධනයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටීයි.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2-2.5ත් අතර ඉහළ යා හැකි බවත් රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

මහමැතිවරණයට අදාළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද

Mohamed Dilsad

ඔන්ලයින් පනත පනත අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Editor O

“වැඩ බලන ජනාධිපති” ගේ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment